මහියංගණ විදුලි බලමණ්ඩල නිලධාරීන් වකුගඩු රෝගීන් 10 දෙනෙකුගේ ජීවිතය අනතුරේ හෙළයි යනුවෙන් අද පුවත්පතෙහි පුවතට විදුලි බලමණ්ඩලයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව මහියංගණ මූලික රෝහලේ වකුගඩු ඒකකයේ විදුලිය විසන්ධිවීම පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය අජිතී පී පෙරෙරා මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර මේවනවිට එම පිරිස රෝහලට ගොස් සිටිති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර මහියංගණ විදුලි අධිකාරිවරයාට දැනුවත් කළද ඊට ප්‍රතිකර්මයක් කිරීමට මේ වනතුරු කටයුතු නොකිරීමෙන් රෝගින්ගේ ජීවිත අවදානම මෙන්ම රෝගි සත්කාර කටයුතු අඩාළවී ඇතැයි රෝහල් බලධාරියෙක් පවසා තිබුණි.