මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම් සාර්ථකයි - මහ බැංකුව
2014 මැයි මාසය තුළදී මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්රියාවලියෙහි තවදුරටත් සතුටුදායක ප්‍රගතියක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, අදාළ කටයුතු සැලසුම් කළ කාලරාමු තුළ නිම කිරීම සඳහා ඩීඑෆ්සීසී බැංකුව හා නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී ඒකාබද්ධ කිරීම සහ ලංකා බැංකුවේ පරිපාලිත සමාගම් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, එම්බීඑස්එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් සහ එම්සීඑස්එල් ෆිනෑන්ෂියල් සර්විසසර් ලිමිටඩ් ඒකාබද්ධ කිරීම අපේක්ෂිත පරිදි සිදු කෙරෙන බවද මහ බැංකුව පෙන්වා දෙයි.
එමෙන්ම, එකම සමාගම් සමූහය තුළ ක්‍රියාත්මක වන මුදල් සහ කල්බදු සමාගම්ද ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය අරඹා ඇති බවද මහ බැංකුව පවසයි.
ඉහළ නංවන ලද ප්‍රාග්ධන අවශ්‍යතාවන් ළඟාකර ගැනීමට හැකි වන පරිදි බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයකට නව ප්රාග්ධනය එක් කිරීමට ආයෝජකයන් උනන්දුව පළ කර ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව, සැලසුම් කළ කාලරාමුව තුළදී ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය නිම කිරීම සඳහා ඒකාබද්ධ කිරීම පිළිබඳ තම නිශ්චිත සැලසුම් 2014 ජුනි 30 වැනි දිනට පෙර භාරදෙන ලෙස සියලුම බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන්ට දැනුම් දී ඇති බවද මහ බැංකුව පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

