මූල්‍ය අපරාධ කොට්ඨාසය නව ගොඩනැඟිල්ලක් වෙත ගෙන ගිය අතර අද (27) උදෑසන එය පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විසින් විවෘත කරන ලදී. ඒ අනුව අද සිට මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටා තිබෙන්නේ කොළඹ 01, චතැම් වීදියේ අංක 54 ලිපිනයේ සෙන්ට්‍රල් ගොඩනැගිල්ල තුළය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වනවිට පැමිණිලි 204ක් ලබා ඇති අතර ඉන් 27ක විමරශන අවසන් කර නීතිපති වෙත ගොනු භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.