“අපි සාමකාමීව භික්ෂු විනයට පටහැනි නොවී ශ්‍රමණ ස්වරූපය ආරක්ෂා කරගෙන ඉතා සන්සුන්ව සිටියා. එහෙත් බුද්ධ ධර්මයට එරෙහිව මූලධර්මවාදී ආගමික සංවිධාන හාරසියයක් රටපුරා ක්‍රියාත්මක වෙද්දී ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කරන බවට ප්‍රතිඥා දී ඇති ආණ්ඩුවේ රාජ්‍ය නායකයාගේ රාජ්‍ය නිලධාරීන්ට ඒ ගැන දන්වා සිටියත් මිත්යාදෘෂ්ටිකයින් තවමත් ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා" යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පවසා බොදුබල සේනා සංවිධානය, රාවණා බලය සංවිධානය හා ජාතික සංඝ සභාව යන සංවිධානවල නිලතල දරන හිමිවරුන් හා ගිහියන් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.