එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිනව මහ ලේකම් ලෙස හිටපු පෘතුගාල අග්රාමාත්යවරයෙකු වෙන ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා පත්කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇතිබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
67 හැවැරිදි ඇන්ටෝනියෝ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ වසර 10ක පමළ කාලයක් සේවය කර ඇති ඔහු එහි මහ කොමසාරිස්වරයාද වෙයි. බැංකි මූන්ගෙන් හිස්වන මහ ලේකම් තනතුර සඳහා පැවැති සටනේ අපේක්ෂයන් අතර ඉදිරියෙන්ම ඔහු පසුවිය.