මුහුදෙන් එල්ලවිය හැකි සියලු සතුරු තර්ජනවලින් අප රට ආරක්ෂා කරගැනීමට සහ ජාතික ආරක්ෂාව සුරැකීමට උපරිම සහයෝගය ලබාදෙන බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පවැසීය.
එය නාවික හමුදාපතිවරයා ලෙස තමන් වෙත පැවරී ඇති ප්‍රධානතම වගකීම වන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ අද (26දා) නිවේදනයක් නිකුත් කරමිනි.
එබැවින් මව්බිමේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අධිෂ්ඨාන පූර්වකව ඉටුකිරීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකා නාවික හමුදාව තම අණසක යටතේ නිවැරදිව මෙහෙයවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.