මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බලපිටිය ප්රදේශයේදී අද (08දා) අලුයම ඉන්ධන ප්රවාහන කළ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවීමෙන් දුම්රිය මගීහු දහස්ගණනක් පීඩාවට පත්වූහ.
අලුත්ගම හා බළපිටිය දුම්රිය ස්ථානවලින් දුම්රිය ධාවන කටයුතු සිදු කලද, අද (08දා) උදෑසන වන තෙක්ම දුම්රිය කාලසටහන නිසි අයුරින් ක්රියාත්මක නොවීම හේතුවෙන් රාජ්ය හා පෞද්ගලික අංශයන්හි සේවයට යන විශාල මගීහු පිරිසකට නියමිත වේලාවට සිය රාජකාරි ස්ථානයන්ට යෑමට නොහැකි වූහ.
පෙ.ව. 10ට පමණ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා