ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (07දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 10දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරි කටයුතුවල නිරත ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප ඇතුළු වේග ප්‍රහාරක යාත්‍රාවලට අනුයුක්ත නාවිකයන් විසින් කෝවිලන් තුඩුවට උතුරු දෙසින් නාවික සැතපුම් 10ක් පමණ දුරකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයන්, ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන එන ලදී. එම ඉන්දීය ධීවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂ වෙත බාරදීමට කටයුතු කරන ලදී.