පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු තීරයේත්, මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු තීරයෙත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත්, 60 ත් අතර දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.
මන්නාරම සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු තීරවලට හා මීගමුවේ සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු තීරවලට ගිඟුරුම් සහිත වැසි ඇති වන බවත්, ධීවර ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.