දිවයින අවට මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර ප්‍රමාණයක් දක්වාඉහළ යා හැකි නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
පැවැති අඩු පීඩන කලාපය කංකසන්තුරේ ප්‍රදේශයට ආසන්නව කිලෝමීටර් 500ක් උතුරින් ස්ථානගතව තිබෙන අතර, මේනිසා අද (19දා) දිනය තුළදීත් වයඹ, බස්නාහිර, මධ්‍යම හා සබරගමු පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.