ඩොලර් ලක්ෂ 1.2ක් වටිනා මුහුදු කැකිරියන් (sea cucumber) සමග ශ්‍රී ලංකා ධීවරයන් 16 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය කටයුතු තිබේ.
ඉන්දියාවට අයත් විශේෂ ආර්ථික කලාපයේදී ශ්‍රී ලංකා ධීවරයන් මෙම මත්ස්‍යයින් දඩයම් කරමින් සිටි බවට ඉන්දීය ධීවරයින් විසින් එරට වෙරළාරක්ෂක බළකාය වෙත කරනු ලැබූ හෙළිකිරීමක් අනුව ශ්‍රී ලංකා ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස වෙරළාරක්ෂක බළකාය විසින් ඉන්දීය පොලීසියට භාරදී ඇත. මෙම මත්ස්‍ය විශේෂය දිගැටි සිරුරක් සහිත චර්මල සමකින් යුක්ත වන අතර, ඔවුහු බහුල වශයෙන් ආසියානු හා පැසිපික් සාගරයේ ජීවත්වෙති. ඉන්දියාව විසින් මෙම මත්ස්‍යයන් දඩයම් කිරීම තහනම් කර තිබේ. මෙම මත්ස්‍යයින් ශ්‍රී ලංකාව තුළ මුහුදු කූඩැල්ලන් ලෙසින්ද ප්‍රසිද්ධය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි