දිවයිනට බස්නාහිර, දකුණ මා ගිණිකොන දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් වෙරළට ඔබ්බෙන් වෙන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මීගමුව සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වැදි ඇතිවන විට තාවකාලිකව තද සුළං ඇතිවන බවත් එම මුහුදු ප්‍රදේශ තාවකාලික රළු විය හැකි හෙයින් ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙසද එහි දැක්වේ.
අද පස්වරු 2.00 සිට පැය 18 ක කාලයක් සඳහා ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.