මුස්ලිම් කොංග්රස් මූලස්ථානයේදී පැවැති විශේෂ සාකච්ඡාව උණුසුම් වීමත් සමග ජනාධිපතිවරණයේදී සහාය දියයුත්තේ කාටද යන්න පිළිබඳ තීරණය ප්‍රමාද කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු 'අද'ට කියා සිටියේ ඊයේ (09දා) පැවැති එම විශේෂ සාකච්ඡාවේදී අදහස් දැක්වූ පක්ෂ නායක රාවුෆ් හකීම් මහතා මුස්ලිම් කොංග්‍රසය නිවැරදි ස්ථාවරය ගතයුතුව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ අදහස් හා හැඟිම්වලට අවනතව බව සඳහන් කළ බවයි.
පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කිරීමට දිනයක් නියම කරගැනීමකින් තොරව අවසන් වූ මෙම විශේෂ රැස්වීම පිළිබඳව අදහස් පළකළ එම ප්‍රකාශකයා කියා සිටියේ උත්තරීතර මණ්ඩලයේ තීරණය සලකමින් අවසාන තීන්දුවක් ගැනීමේ බලය පවතින්නේ පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාට බවයි.