අලුත්ගම සිද්ධියට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද (18දා) පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ස්ථිර කරගත් යෝජනාවලිය අනුව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීමද අද (18දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අදාළ ඡන්ද විමසුමට මුස්ලිම් කොංග්‍රසය එක්නොවෙනු ඇති බවද වාර්තා වේ.