එකිනෙකා මරා ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයට ලෝක මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව මියන්මාරයේ අශින් චිරතු හිමියෝ පවසා තිබේ.
මියන්මාර ජාතික චිරතු හිමියෝ මෙසේ අදහස් දක්වා සිටියේ බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද මහ සමුළුව අමතමිනි.
“එකිනෙකා මරා ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයට ලෝක මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ලෝක බලවතුන් ප්රමුඛ මාධ්‍ය ව්‍යාපාරය ආර්ථිකමය, තාක්ෂණිකමය සන්නද්ධ බලය බෞද්ධයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජිහාඩ්වාදීන් විසින් ලෝක බෞද්ධ මතය නොමඟ යවා ඇති බවද පැවසිය යුතුයි. අන්තවාදී මිනීමරුවන් නිවැරදිකරුවන් ලෙසත්, අවිහිංසාවාදී බෞද්ධයන් වැරදිකරුවන් ලෙසත් හංවඩු ගැසීමටත් මේ අන්තවාදීන් කටයුතු කරනවා” යැයි චිරතු හිමියෝ පවසා තිබේ.
ඇතැම් විදෙස් මාධ්‍යයන්ට අනුව උන්වහන්සේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව හඬ නගන්නෙකු ලෙසත්, ඇතැම් මාධ්‍යයන්ට අනුව මුස්ලිම් විරෝධියෙකු ලෙසත් හඳුන්වාදෙන අතර, මීට පෙර අවස්ථාවක ටයිම් සඟරාව විසින් අශින් චිරතු හිමියන්ට නිග්‍රහ දෙන ආකාරයේ කවරයේ කතාවක් සමග සිය සඟරාව පළ කර තිබුනේ, උන්වහන්සේ ‘බෞද්ධ ත්‍රස්තවාදියෙකු’ ලෙස හුවාදක්වමිනි.
නමුත්, උන්වහන්සේ ‘සැබෑ බුද්ධ පුත්‍රයකු’ හැටියට මියන්මාර ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබ ඇති බව බී.බී.සී. බුරුම සේවයේ සෝ වින් තැන් පවසා තිබේ.