මුසම්මිල් රාමසාන් උපවාසයේදී අත්අඩංගුවට ගත්තා
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ සුවදුක් විමසීම සඳහා එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොරැල්ල මැගසින් බන්ධනාගාරයට අද (21දා) සවස පැමිණියහ.
එහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේ පොසොන් පොහොය දිනයේදී උදය ගම්මන්පිල මහතාද,රාමසාන් උපවාස සමයේදී මොහොමඩ් මුසම්මිල් මහතාද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් විසින් අනුගමනය නොකරන ලද ආකාරයේ ක්‍රෑර ලෙස කටයුතු කරමින් බවයි.
“බෞද්ධයෙකු වෙච්චි ගම්මන්පිල මහතා පොසොන් පෝය දවසේ අත්අඩංගුවට ගත්තා.ඉස්ලාම් බැතිමතෙකු වෙච්චි මුසම්මිල් හිටපු මන්ත්‍රීතුමා රාමසාන් උපවාස සමයේදී ගත්තා.අඩුම තරමේ මේ සංවේදී කාරණය නොසලකා පොලීසිය ලව්වා තමන්ට තියෙන දඩයම් කිරීමේ පිපාසාව සංසිඳුවා ගන්න මෙතරම් ක්‍රෑර ලෙස ක්‍රියාත්මක වෙන පාලකයන්ගේ යුගයක් මීට පෙර ක්‍රියාත්මක වෙලා නැහැ”යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










