තලේබාන් සංවිධානයේ හිටපු නායකයා ඝාතනය වී ඇති බව ඇෆ්ගන් රජය තහවුරු කිරීමත් සමග එම සංවිධානය විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට අද (30දා) කටයුතු කර තිබේ.
ඒ අනුව, මුල්ලාහ් ඕමාර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ මුල්ලාහ් අඛ්තාර් මන්සෝර් සංවිධානයේ නව නායකයා ලෙස පත්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම පත්කිරීම සංවිධානය දෙකඩ කරනු ඇති බවත්, සංවිධානයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙම පත්කිරීමට විරෝධය පා ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මේ අතර, පාකිස්තාන රජය පවසන්නේ හෙට දිනයේ (31දා) රජය හා තලේබාන් සංවිධානය අතර පැවැත්වීමට තිබූ සාම සාකච්ඡාද කල්දමා ඇති බවයි.