කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ළමා ලේකම් කාර්යාලය හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව ලෝක බැංකු ව්‍යාපෘතිය (World Bank Project) යටතේ දිවයිනේ ප්‍රථම වතාවට මුල් ළමා විය පිළිබඳ සංගණනයක් පැවැත්වීමට කටයුතු කරයි.
මුල් ළමා විය සංවර්ධනය කර රටේ දරුවන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින් නව තාක්ෂණයද උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් ළමා ශ්‍රමිකයන් රටින් තුරන් කිරීමටද අපේක්ෂා කෙරේ.
රට පුරා සිටින වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳ කරනු ලබන මෙම සංගණනය සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම මස 22,23,24 හා 27 යන දිනවල දිවයිනේ සියලුම මුල් ළමා වියසංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මධ්‍යම පරිසර අධිකාරිය හා තලාහේන ප්‍රජා මධ්‍යස්ථානයේදී මෙම පුහුණු වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙමගින් පෙර පාසල්වල අඩුපාඩු මෙන්ම පෙරපාසල් ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කිරීමටද බලාපොරොත්තු වෙයි. මෙම සංගණනය ආශ්‍ර‘‘යෙන් දෙමවුපියන්ගේ ආර්ථික දුෂ්කරතා ආදියද අධීක්ෂණයට ලක්කර ඔවුන්ගේ ජීවන තත්ත්වයන්ද නැංවීමට කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.