මුලතිව් පොලිස් බල ප්රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීමට එරෙහිව අධිකරණ විසින් තහනම් නියෝගයක් පනවා ඇති අතර ඒඅනුව මැයි මස 16 වෙනිදා සිට දින 14 ක කාලයක් මුලතිවු පොලිස් බල ප්රදේශය තුළ මහජන සාමයට බාධා එල්ල වන අන්දමේ කිසිදු ආකාරයක එල්.ටී.ටී.සැමරැම් උත්සව පැවැත්වීම මුලතිවු දිසා විනිසුරු එම්.එච්.ඩී.එන්.සම්සුදීන් විසින් තහනම් කොට තිබේ..
පොලීසිය අධිකරණයෙන් කරණ ලද ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම තීන්දුව දුන් බව මුලතිවු පොලීසිය පවසයි. මේ අනුව, මැයි මස 18 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී දෙමළ ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය සහ එල්.ටී.ටී.ඊ.සමරු උත්සවය පැවැත්වීමට ඉඩක් නැතැයිද මුලතිවු පොලීසිය වැඩ්දුරටත් ප්රකාශකර තිබේ.