ක්රිකට් ක්රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්රිකට් තරගාවලිය ඊයේ (07දා) ආරම්භ වූ අතර, ඒ සඳහා හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර් සංගක්කාරද එක්විය.
සිවුවැනි වතාවටත් ආරම්භ කරන ලද මුරලි කුසලාන 20- 20 ක්රිකට් තරගාවලිය මෙවර කිලිනොච්චිය යාපනය හා මුලතිව් යන නගරවල පැවත්වීමට කටයුතු යොදා ඇත.
මේ අනුව ඊයේ (07දා) ආරම්භ වූ මුරලි කුසලාන 20- 20 ක්රිකට් තරගාවලිය ලබන 11 වැනිදා තෙක් පැවැත්වෙයි. අවසන් මහා තරගය මුලතිව්හි පැවත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙම තරගාවලිය වෙනුවෙන් පිරිමි ක්රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා ක්රිකට් කණ්ඩායම් 8 ක් තරග වදියි.
මෙම ක්රිකට් තරගාවලිය නැරඹීමට පැමිණි කුමාර් සංගක්කාර විසින් ශ්රී ලංකා ක්රිකට් උප සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක ගුණජය සතුට පදනමේ සම්බන්ධීකරණයෙන් බී.බී.ඩී.ඕ. ලංකා පෞද්ගලික ආයතනයේ දායකත්වයෙන් පාසල් ළමුන් වෙනුවෙන් පාපැදි 20 ක්ද ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පැමිණියේය.