කොළඹ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඊයේ (26දා) රාත්‍රී 8.30 ට පමණ ඇති වූ ගින්නෙන් ලිපිලේඛන හෝ වෙනත් සම්පත්වලට කිසිදු හානියක් නොවූ බව මුද්‍රණාලයාධිපති ජී.එම්.එල්. ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් රජයේ දේපළකට ගිනි ඇවිළී ඇති බැවින් අද (27දා) පෙරවරු කාලයේදී රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂණයට ලක්කොට වාර්තාවක් ලබාගැනීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.