මුදල් ඇමති නමින් ෆේස්බුක් ගිණුමක් පැවැත්වූ අය දැලේ
- 20 10 2016
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (20දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බලංගොඩ, පැල්මඬුල්ලේ පදිංචි පුද්ගලයෙකි.
පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු කොටුව අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
