පොලීසියේ වෙස් මාරු වී ඇති බවත්, මැතිවරණයේදී නිසිලෙස ක්රියාත්මක නොවන පොලිස් නිලධාරීන් පිළිබඳව සන්ධාන ආණ්ඩුව පත්වූ විට පරීක්ෂණ පවත්වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාලු දිස්ත්රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. එසේම සන්ධාන ආණ්ඩුවේ අගමැතිත්, නීතිය හා සාමය පිළිබඳ ඇමතිවන්නේත් මහින්ද රාජපක්ෂ බවද ඔහු කීවේය.
අක්මීමණ පින්නදූවේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමක් අමතා ඒ මහතා මේ බව කීය.
" අපේ පෝස්ටර් ගහන කොටම පොලීසිය ගලවනවා. අපේ කාලේ ඕන මගුලක් කර ගන්න කියා පොලීසිය කට වහගෙන බලා සිටියා. අපේ කාලෙ පොලීසියෙ දැන් වෙස් මාරු වෙලා. දැන් තියෙන්නේ හොරා පොලීසියක්.
මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්රහණය කළ විට අගමැතිකම නුදුන්නොත් මහාජනපවුරක් කොළඹට ඇවිත් එතුමා අගමැති පුටුවේ වාඩිකරවනවා. නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වන්නේත් මහින්ද මහත්තයා. එදාට මේවා ගැන පරික්ෂණ පවත්වනවා. ඒ නිසා නීතිය හා සාධාරණය හරියට ඉටුකරන්න කියලා පොලීසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. පෝස්ටරයක් ගහන්න බැහැ,කැන්නසින් යන්න බැහැ, පොලීසිය පස්සෙන් එනවා
ගාල්ල රවිදු දීයගහගේ සහ ජිනේෂ් නානායක්කාර