ජනපතිවරණයට දින කිහිපයකට පෙර ගාල්ල දිස්ති‍්‍රක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ලේකම්වරයෙකු යැයි පවසන පුද්ලගයෙකු විසින් ගාල්ල ඊරියගහ අරඹගහවත්තේ ගරාජයකට ගෙනවිත් දැමූ බව කියන සුඛෝපභෝගී ජීප් රථයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එන්ජින් අංක හෝ චැසි අංක නැති මේ රථය ටර්බෝ ඉන්ටර්කූලර් වර්ගයේ ජීප් රථයක් වන අතර ගරාජයේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ බව කියන ලේකම්වරයෙකු වාහනය ගරාජයට නෙ ආ බවයි.
රථයේ එන්ජිම භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ගරාජයේ හිමිකරු පවසයි.
මේ ජීප් රථය සම්බන්ධ තොරතුරු පොලිසියට දැනුම් දුන් පළාත් සභා එජාප මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ මොටර් රථය හිටපු ජනාධිපතිවරයාගේ රථ සංචිතයේ තිබූ රථයක් යැයි සැකයක් පවතින බවයි.