මෙරට මුඛ පිළිකා ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බවත්, මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ගලයන් තිදෙනෙකු පමණ මිය යන බවට ගණන් බලා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුඛ පිළිකා, දුම්කොළ සහ පුවක් පිළිබඳ පවත්වන ප්‍රථම අන්තර්ජාතික සමුළුව අද (08දා) මහනුවරදී පැවැත්වෙයි.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වන අතර, ඒ සඳහා දෙස් විදෙස් විශේෂඥයන් රැසක් සහභාගි වීමට නියමිතය.
වළක්වාගත හැකි රෝගයක් වන මුඛ පිළිකාව වැළැක්වීමට අදාළ පියවර ගැනීම සමුළුවේ ප්‍රධාන අරමුණු අතර වේ.