ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රස‘යේ ස්ථාවරය ලබන 27 වැනිදා (සෙනසුරාදා) රටට ප්‍රකාශ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සෆීක් රජාබ්දීන් මහතා 'අද' ට සඳහන් කළේය.
නැගෙනහිර ඇතුළු රටේ විවිධ ප්‍ර‘දේශ නියෝජනය කරන මුස්ලිම් කොංග්රස් නියෝජිතයන්ගෙන් හා මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසීම හා මතයන්ට ඇහුම්කන්දීම පක්ෂයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් අධ්‍යයනය කරමින් ඇතැයි ඔහු පැවසුවේය.
බොදුබල සේනාව වැනි තම පක්ෂයට එරෙහි සංවිධානයක් ජනාධිපතිවරයාට සහාය දීම සම්බන්ධ තීරණය තම පක්ෂයේ ස්ථාවරය වෙනස් කිරීමට තරම් හේතුවක් නොවන බවද ඔහු පැවසීය.