(UPDATE) මීරියබැද්ද නාය යෑමෙන් පස්යට යටවූ පුද්ගලයින්ගේ තවත් මළ සිරුර තුනක් සොයාගත් බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීම මහතා කියයි. කොළඹද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවැසීය.
ඒ අනුව සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 11 දක්වා ඉහළ ගියේය.
අතුරුදන්වූ සංඛ්‍යාව 28ක් වේ.
මව්පියන් අහිමි දරුවන් තිදෙනකු සිටින බවත්, මව අහිමි දරුවන් සිව්දෙනෙකු අවතැන් වූවන් අතර සිටින බවද ඇමති පැවැසීය.
මීරියබැද්ද ප්‍රදේශයේ අවතැන් සංඛ්යාවව 1755ක් බවත් ඒ අතරින් නාය යෑමට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 296 සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට පුද්ගලයින්3849 ආපදාවට ලක්ව ඇවතැන්වී ඇති බවත් දිවයින පුරා එම අගය 7575ක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු අද නැවතත් ආරම්භ කළ අතර එහිදී තවත් මළ සිරුරු දෙකක් සොයාගැනීමට හැකිවී තිබේ.
ඒ අනුව මේ දක්වා සොයගත් මළ සිරුරු ප්‍රමාණය 8 දක්වා ඉහළ ගියේය.
අද සොයගත් මළ සිරුරු වැඩිහිටියෙකුගේ හා දරුවෙකුගේ වෙයි.
වැඩිදුර වාර්තා පාලිත ආරියවංශ/ එස්.පී. නානායක්කාර