මීගහතැන්නේ දරුවන්ට ළඟම පාසල හොඳම පාසල නොවන්නේදැයි එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය. ආණ්ඩුවේ ‘ළඟම පාසල හොඳම පාසල ‘ප්‍රතිපත්තිය පුස්සක් වී ඇතැයිද ඒ මහතා කීය. පුංචි බොරැල්ල, කොටා පාරේ පිහිටි ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ අද(06දා)පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට 2010 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා.ඒ කාලය තුළ මැතිඇමතිවරුන්ට වැඩකටයුතු කිරීමේ නිදහසක් සහ සහයෝගය ලබාදීමක් රජයේ නායකත්වය අතින් සිදුවුණා.පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට අර දරුවන් ටික පාසලට දමාගන්නවත් බැරිවිදියට බලතල රහිතව ගැටගහලා දාලා තිබීම ගැන අපි කනගාටු වෙනවා.
අද වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ළඟම පාසල හොඳම පාසල කියලයි.අපි අහන්නේ මීගහතැන්නේ දරුවන්ට ළඟම පාසල හොඳම පාසල වෙලා තියෙනවාද?ආණ්ඩුව ගෙනඑන සියලු සංකල්ප පුස්සක් වෙලා තියෙන විත්තිය ඉන් පේනවා.එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙහෙම වෙනවානම් ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ තත්ත්වය ඉතාඛේදනීය බව කිව යුතුයි.
මේ දරුවන්ට අන්වාර්යයෙන්ම පාසලක් ලබාදිය යුතුයි.එක දරුවෙක්ගේ තාත්තා නෑ.අද අම්මා හිරේ දාලා.වෙනත් කෙනෙක් ළඟ දරුවා ඉන්නේ.මෙතනදි පාලිත තෙවරප්පෙරුම මහතාට දොස් කියලා වැඩක් නැහැ.දරුවන්ට පාසලක් ලබාදීම සඳහා අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් සකස්කළ යුතුයි" යනුවෙන් පවසා සිටියේය.