දරුවා සොයා දෙන්නැයි දෙමාපියෝ ඉල්ලති
පොලීසිය මහජන සහාය පතයි
ගල්ගමුව මීගලෑව ප්රදේශයේ සිය නිවසේ සිටි වයස අවු 4 1/2 ක් වූ දිනිඳු යශෙන් ලංකානාත් කුමාර ඒකනායක දරුවාගේ පැහැරගැනීමට හේතුව තවමත් අබිරහසක්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගල්ගමුව, මීගලෑව, කටුගම්පළගම ප්ර‘දේශයේ වයස දිනිඳු යශෙන් ලංකානාත් කුමාර ඒකනායක දරුවා පසුගිය 27 වනදා පැහැරගෙන යාමෙන් පසු ඊයේ (30දා) රාත්රී වනතෙක් කිසිදු තොරතුරක් නොලැබිණි. දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් නොලත් දරුවාගේ මවුපියෝ හැඬූ කඳුලින් තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම මුදලක් තමන් ලබා දෙන බවත් තමන්ට දරුවා යළි ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිති.
ගල්ගමුව සංජීව රත්නායක