මීගමුව මහ රෝහලේදී ඇගළුම් සේවිකාවක දුෂණය කර මරාදැමීමේ සිදුවීමට වරද කරු වූ එම රෝහලේ වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ ට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා අද (03දා) මරණීය දණ්ඩනය නියම කළේය.
ඇගළුම් සේවිකාව දූෂණය කිරීමෙන් පසුව රෝහලේ හය වැනි මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කළ බවට වෛද්‍යවරයාට චෝදනා එල්ල විය. මෙසේ මරණයට පත්ව තිබුණේ මොනරාගල පදිංචිකාරියක වු චමිලා දිසානායක (22) නැමැති තරුණියකි.