ශ්රී ලංකන් හා මිහින් ලංකා ගුවන් යානා තුළ සැම්සුන්ග් ගැලැක්සි නෝට් 07 ජංගම දුරකථන රැගෙන යාම හා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම්කර තිබේ.
ජංගම දුරකථනයේ ඇතිව තිබෙන ගැටලුවක් හේතුවෙන එය පිපිරීමකට ලක්වෙන අතර, ඒ හේතුවෙන් දුරකථනය රැගෙන යාම මෙසේ තහනම්කර තිබේ.
සැම්සුන්ග් සමාගමද ගැලැක්සි නෝට් 07 දුරකථනය ලොව පුරා අලෙවිකිරීම පසුගියදා තහනම් කරනු ලැබීය. මේ පිළිබඳව ගුවන් මගීන් දැනුවත් කිරීමට උපරිම ක්රියාමාර්ග ගන්නා බවත්, මගීන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවත් ශ්රී ලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.