අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 26 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක සම්පත් විජේරත්න මහතා තීරණය කළේය.
පවතින සාක්කි මත මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති හෙයින් විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ නිදහස් කරන්නැයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.