පැරිස් ප්‍රහාරය පිළිබඳව තමන් දැනගැනීමෙන් පසුව දැඩි කම්පනයට සහ සංවේගයට පත් වූ බව පළාත් සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය
'අද' ට ඊයේ (15දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මෙරට මුස්ලිම් ප්‍රජාව කිසිසේත්ම මෙම ම්ලේච්ඡ ප්රහාරයන් අනුමත කරන්නේ නෑ. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයන් ඉස්ලාම් දහමට පටහැනියි. මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සහ පවුලේ ඥාතීන්ට මෙරට මුස්ලිම් ප්‍රජාවගේ කනගාටුව ප්‍රකාශ කර සිටියා." යැයිද පවසා සිටියේය.