රුපියල් මිලියන හතරක් පමණ වටිනා විදේශීය දුම්වැටි 80,200 ක් අබුඩාබි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (11දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීහු පවසති.
සැකකරුවෝ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි වයස 21 සහ 22 වියැති තරුණයෝ වෙති. මොවුහු විවිධ ව්‍යාපාර කටයුතු සඳහා යැයි කියමින් නිතර නිතර අබුඩාබි සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇතැයි අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දුම්වැටි තුර්කියේ සහ ජර්මනියේ නිෂ්පාදිත වර්ග හතරක දුම්වැටි බව රේගුව පවසයි.
අකිත විජේසිංහ / ටී.කේ.ජී. කපිල