ඉන්දියාවේ මුම්බායි නුවර බලා නීති විරෝධී අයුරින් රන් කුට්ටි හයක් රැගෙන යාමට පැමිණී කටුගස්තොට ප්ර දේශයේ පදිංචි පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ රාත්රියේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ සපත්තුවේ පතුල කපා සූක්ෂම ලෙස මෙම රන් කැබිලි හය සපත්තු දෙකේ සඟවා තිබුණි.
රන් තොගය රාජ සන්තක කළ රේගුව සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේ. රන් කුට්ටි හයේ බර ග්රෑම් 600කි.