මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව දුරකථනයෙන් තර්ජනය කර දරුවා පැහැර ගන්නා බව පවසා රු: ලක්ෂ 50 ක මුදලක් කප්පම් ඉල්ලා සිටි සැකකරුවෙකු ඊයේ අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුගෙන් ප්රශ්ණකිරිමේදි තරජනය කර බියවැද්දීමේසිද්ධි ගණනාවකට සම්බන්ධ බව හෙළිව තිබේ.
සැකකරු වයස අවුරුදු 39 ක් වු මොරතොට, පනායක ලිපිනයේ පදිංචි කරුවෙකි. ඔහු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.