රුපියල් මිලියන 40ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ආ කොළඹ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (13දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ ඉනේ බඳින විශාල පටි දෙකක මෙම රන් තොගය සඟවාගෙන පැමිණ තිබේ. එහි බර කිලෝ ග්රෑම් 7.7ක් පමණ බව රේගුව පවසයි.
සිද්ධිය පිළබඳව කටුනායක රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.