තැපැල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 30 ක් වටිනා සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ කේ.ඩී. නිකලස් මහතා පැවසීය.
ඩුබායි රටේ සිට පෙට්ටි 61 ක අසුරා නීති විරෝධීව මෙරටට ගෙනැවිත් තිබූ සිගරට් මිලියනයක් පමණ මෙසේ අත්අඩංගුවට ගත් බවත්, ඒ සඳහා අයිතිකරුවෙකු ඉදිරිපත් වී නැති බවත් ඔහු කීය.
තැපැල් මගින් මෙරටට ගෙනැවිත් තිබියදී කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී අද (17දා) පෙරවරුවේ මෙම සිගරට් තොගය සොයාගෙන තිබුණි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ.