කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්ර උපකරණ පවරා දීම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 05 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ඉන්දීය ජාතිකයා සමඟ කතා කළේ මෙම විත්තිකරුවන්ම ද යන්න සනාථ කිරීමට ඔවුන්ගේ හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර පරික්ෂණ සිදුකරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන මහත්වරු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.