රුපියල් මිලියන 18000ක වියදමින් ක්ෂණික විදුලිය මිලිදී ගැනීම සඳහා විදුලි බල හා පුනනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉරිපිත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊයේ (03දා) කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට රුපියල් මිලියන 30000ක් පමණ ණයක් යටතේ ක්‍රියාත්මක වන අතර තවත් රුපියල් මිලියන 40000ක අයිරාවක් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙසේ රුපියල් මිලිය 18000ක් වියදමින් ක්ෂණික විදුලිය මිලදී ගැනීමට අවධානය යොමුකර තිබේ.
යම් හෙයකින් මෙසේ විදුලිය මිලදී නොගන්නේ නම් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවට කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් වීමෙන් පසුව ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව විදුලිය මිලදී ගැනිම සඳහා රුපියල් මිලියන 18000ක් යෙදවීම හේතුවෙන් රටේ සාමාන්යවැසියෙකුට අමරතව රුපයල් 855ක පමණ වැයක් දැරීමට සිදුවෙයි.
නිසි කලට විදුලි ඉල්ලුම සපුරා ලීම සඳමා විදුලි බලාගාර ඉදි නොකිරීම මෙවැනි ගැටලුවකට ලංකා විදුලි බල මණ්ඩලය යොමුවීමට ප්‍රධාන හේතුව වෙයි.