රුපියල් පනස්ලක්ෂ අනූදහස් හයසිය හැට හයක් වටිනා යුරෝ සහ ඇමෙරිකානු ඩොලර් තොගයක් තම අත්බෑගයේ ව්‍යාජ පතුළක සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකාරිය කොළඹ ජම්පටා වීදියේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවකි. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ දහසය දහස් හාරසිය හතළිහක් සහ ඇමෙරිකානු ඩොලර් දහසය දහසක් තිබූ බව රේගුව පවසයි.