අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.