ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ මෙරට රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිත කරන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 ක මිල ගණන් අඩුකරලීමේ විශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) නිකුත් කෙරිණ. ඒඅනුව මෙම ඹෟෂධ හි මිල අද සිය අඩුකළ යුතුව ඇත.
මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම අඩු කිරීම සඳහා ලබා දෙන බෙහෙත්, කොලෙස්ටරෝල් රෝගය සඳහා ලබා දෙන බෙහෙත්, හෘද රෝග වැළැක්වීම සඳහා ලබා දෙන බෙහෙත්, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන බෙහෙත්, වේදනා නාශක සහ ආසාදනයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග ඇතුළත්ය.
මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් පහතින දැක්වෙයි.