මියන්මාරයේ ජේඩ් පතලක නායයෑමක් - 50ක් අතුරුදන්
උතුරුදිග මියන්මාරයේ කොචින් පළාතේ හරිතමණී හෙවත් පච්චවර්ණ පාශාණ (ජේඩ්) පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සිකුරාදා හ්පකාන්ට් ආශ්‍රිතව සිදුවූ මෙම නායයෑමෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බව මියන්මාර බලධාරීහු පවසති.
පසුගිය මාසයේදීද මෙවැනිම පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ජේඩ් පතල් කර්මාන්තයේදී සාමාන්‍ය පාශාණ කඳු ගොඩගැසෙන අතර, අවට ගම්වාසීන් හා පිටස්තරයන් පැමිණ මෙම පාශාණ කඳුවල ගැවසෙමින් ඒවායෙහි ඉතිරි වූ ජේඩ් පාශාණ කොටස් සෙවීම සිය ජීවනෝපාය කරගෙන සිටී.
එහිදී, මේ අබලි පාශාණ කඳු ආශ්‍රිතව වර්ෂාවත් සමග මෙවැනි නායයෑම් සිදුවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, මිනිසුන්ගෙ නොසැලකිල්ල මෙවැනි අනතුරුවලට හේතුව බවත් බලධාරීහු පවසති.
බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 5 දෙනෙකුගේ මෘත ශරීර සොයාගෙන තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව තවත් 50කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව කියැවෙයි.
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                