මිය ගොස් සිටි වන අලි දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (28දා) වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
වැලිකන්ද කුරුලුබැද්ද සහ බෝඅත්ත යන ගම්මානවලින් මෙම වන අලි මළ සිරුරු සොයාගෙන ඇති අතර එම වන අලින් දෙදෙනා වයස අවුරුදු 25ක් සහ මාස 10 ත් යන වයස් වල පසු වන බවත් හක්ක පටස් නමැති පුපුරන ද්‍රව්‍ය ආහාරයට ගැනීම සහ ස්වභාවික හේතුවක් මත කුඩා වන අලි පැටවා මිය ගොස් ඇති බවටත් සැක කෙරෙන බව වාර්තා වේ.