හබරණ සිට පින්වල ප්‍රදේශයට ප්‍රතිකාර සඳහා ගෙන යමින් සිටියදී ප්‍රවාහනය කළ රථය අනතුරට පත්ව මියගිය අලියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව තිරසාර සංවර්ධන හා වනජීවී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද ට පැවසීය.
හබරණ ප්‍රදේශයේ සෆාරියක සිටි මෙම අලියා රෝගාතුර වීම නිසා ප්‍රතිකාර ලබාදීමට පින්නවල ප්‍රදේශයට ගෙන යන අවස්ථාවේදී එම අලියා ප්‍රවාහනය කරමින් තිබූ රථය කඩුගන්නාව හේනාවල රෝහල අසල දී පසුගිය (9දා) පස්වරුවේ අනතුරට පත් විය. ඉන් පසු දින දෙකක් පුරා එම ස්ථානයේ සිටි අලියා අද (11දා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.