ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමීයේ සිදුකළ කැණීමකදී සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කටුගම්පොල මහතා අද ( 28දා) පැවසීය.
දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවැති බවට ගම්වාසීන් අතර පැවති තොරතුරක් මත කරනු ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් පසුගිය 15 වැනිදා ආරම්භ කර තිබේ.
දෙවලපොළ පාසල්ට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි කුටීරවලින් නිමැවූ සුසාන භූමිය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව මැටි ගසා සාදන ලද බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී ඇති බවත්, කිහිප දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරෙන බවද මංගල කටුගම්පොල මහතා සඳහන් කළේය.