මිනිසාගේම නිර්මාණයන් විසින් මනුෂ්‍යත්වය දැඩි අවදානමක හෙළා ඇති බවට ලෝක ප්‍රකට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් අලුත්ම අනාවරණයක් සිදුකර තිබේ.
ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසුව මෙළොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙස මහාචාර්ය හොව්කින්ග් සැලකෙයි.
පරමාණු යුද්ධ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ ජානමය වශයෙන් බිහිකළ වෛරසයන්ද මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා බව ඔහු හෙළි කර ඇත.
මහාචාර්ය හොව්කින්ග්ට අනුව නූතන විද්‍යා හා තාක්ෂයන්හි තවදුරටත් සිදුවන වර්ධනය මිනිසුන්ගේ අයහපතට හේතුවන අලුත් මංමාවත් සකසනු නියතය.
ඒ අනුව, එළැඹෙන ශතවර්ෂයේදී මිනිසා වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.