එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මිනිපේ ප්රාදේශීය සභා මන්ත්රී ඩබ්.එම්.එම්.බි. වික්රමසිංහ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
අද (17දා) පස්වරුවේදී ඔහු විපක්ෂයට එක්විය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ ජයග්රහණය සදහා පොළොන්නරුවේ ජනහමුවකදී ඔහු මෙසේ විපක්ෂයට එක්විය.