විදුලිබල මණ්ඩලයේ සේවය කරන මෑන්පවර් සේවකයන් 5988 දෙනාගෙන් 2367 දෙනෙකු විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට බඳවාගැනීමට රජය තීරණය කර තිබේ.
ඉතිරි සේවකයන් සුදුසුකම් සපුරන ආකාරය අනුව ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට නියමිත අතර, පළමුව ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන්නේ මෑන්පවර් සේවකයන් ලෙස අනියම් තනතුර යටතේ සේවය කරන පිරිසකි.